ඉරක් පායනා දේශය - වික්ටර් රත්නායක | Irak Payana Deshaya - Victor Rathnayake - sinhala lyrics


ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//

ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පද්මකුමාර මෙත්තසේන
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Harsha Herath


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...