පිය සටහන් - ගුණදාස කපුගේ | Piya Satahan - Gunadasa Kapuge


පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ..
මගේම පියවර - මත පිය තබමින්..
ඔබ එනු දුටුවෙමි - මා ලුහුබඳිමින්..
පිය සටහන් මැකී නොමැත තව..

ගිරි ශිකර මුඳුන් වල..වන ලැහැබේ අතු අග..
දෝංකාර දුන් එදා ගැයූ ගී - මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ..
පිය සටහන් මැකී නොමැත තව..

රළු බොරළු ගමන් මඟ..වැලි තලා වැනිය අද..
හැරී බලමි මම ඔබේ ඇසින්..ඔබ නොදුටු ඇසින්
නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්..
පිය සටහන් මැකී නොමැත තව...

ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
සංගීතය : ගුණදාස කපුගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Deepal Jayamanne

Comments

  1. මගේ සිතේ ගැඹුරුම තැනක නොමැකෙන ලෙස සටහන් වෙච්ච මං කැමතිම ගීතයක්. ගොඩක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝෂ් අමුතුම තනුවක්..විශිෂ්ඨයි...

      Delete
  2. මේ ගීතය මම ඉතාම ප්‍රියකරන ගීතයක්... ගීතයේ සංගීතය අපිව මේ වචන ටිකත් එක්ක අපිව අමුතුම ලොවකට අරං යනවා. මෙහි පද රචනය සුනිල් ආර් ගමගේ, සංගීතය කපුගේමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර අදහසට...! ඔන්න වෙනස් කලා..

      Delete
  3. මෙහි තේරුම පැහැදිලි කරන්න පුළුවන් ද

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...