හදවතින් සෙනෙහස පුරා - අජිත් ආරියරත්න | Hadawathi senehasa pura - Ajith Ariyarathna - Sinhala lyrics


හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ

දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා //
මගේ පැතුම් ලොව
පහන් නිවා අද
ඉගිලී යන්න ගියා

හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ

නොසිතුව සේ මා එදා
සමුගෙන ගියෙ ඔබ සදා //
පෙර සේ මතු දින
නැවතත් හමුවෙමු
හිනැහී අප දෙදෙනා

හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ


ගායනය - අජිත් ආරියරත්න
තනුව - රෝහණ වීරසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments

  1. අජිත් ආරියරත්නගේ තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි ගීතයත් දාන්න

    ReplyDelete
  2. හරේෂ් කෝ බන් අසන්නන්ගේ (බලන්නන්ගේ) ඉල්ලීම් ඉටු කරන්නේ නැද්ද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...