ආදර ප්‍රිය ළඳුනේ - ෆීලික්ස් ඇන්ටන් | Adara priya landune - Felix Anton - sinhala lyrics


ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //

කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කළේ //
මුව මදහාසේ
සතුට ගෙනාවේ
මටම නොවේදෝ

ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //

ආදර රැහැනින් හද බැඳුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ //
යොවුන් වසන්තේ
පවන් සැලෙන්නේ
අපට නොවේදෝ

ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //


ගායනය - ෆීලික්ස් ඇන්ටන්
ගී පද - කැමිලස් පෙරේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ilandari denage geethani mangalika

Comments