වලාකුළු පෙලින් බසින්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ, රෂ්මි සංගීතා | Walakulu pelin basinna - WD Ariyasinghe, Rashmi Sangeetha - sinhala lyrics




වලාකුළු පෙලින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර​ කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මටද ආදරේ

අසාවී මෙසේ තුන්යම
දිලී තාරුකා මල් දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ
සුසුදු ආදරේ


දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුඹගැඹ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුඹගැඹ
පතා ඉන්නෙමී සඳ වත
නුඹගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැස ගෙන
මිහි මතට එම්ද කෙලෙසින
අහස් ගං කුසින් බැස ගෙන
මිහි මතට එම්ද කෙලෙසින
රැදී ඉන්නෙමී සැම දින
අහස් ගං කුසේ
දෙව්ලියක් ලෙසේ


දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනා ගන්නෙදෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමී හිඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ


ගායනය - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ, රෂ්මි සංගීතා
තනුව/ සංගීතය - නවරත්න ගමගේ
ගී පද - යසනාත් ධම්මික බණ්ඩාර


 

වීඩියෝව ගත්තෙ මෙතනින් - Navarathna Gamage

Comments