දස්කොන් සකි සඳ - නීලා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩී. අමරදේව | Daskon saki sanda - Neela Wickramasinghe, WD Amaradewa - sinhala lyrics





දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් 
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත්භවයේ 
ඔබ මා යලි හමුවන්නේ //

සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ 
කෙලෙස ද හද බැඳලන්නේ
කවුදෝ රැකවල්ලන්නේ 
ඔබ මා යලි හමු වන්නේ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් 
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත්භවයේ 
ඔබ මා යලි හමුවන්නේ

මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව 
ලොව්තුරු සුව බලමින්නේ
කිසිදා නැත සමු ගන්නේ
ඔබ මා යලි හමු වන්නේ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් 
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත්භවයේ 
ඔබ මා යලි හමුවන්නේ


ගායනය - නීලා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩී. අමරදේව
තනුව/ සංගීතය - ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද - සුනිල් ආරියරත්න



 


වීඩියෝව ගත්තෙ මෙතනින් - Gee Pilisandara

Comments