පොළොවෙන් මතුවන මිණි කැට - හර්ෂන දිසානායක | Polowen mathuwana mini keta - Harshana Dissanayake - sinhala lyrics


පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට //


ගිරි සිරසෙන් සැදී ඇදී
කළු මහවැලි කැළණි නදී
දසත ගලා දෙරණ සලා
හෙළ බිම සරු කරන ලදී

සීගිරියේ බිතු සිතුවම්
ඉසුරුමුණියෙ ගල් කැටයම්
සිරි ඉතිරේ අනුරපුරේ
යුගයක හෙල විරු විකුමන්


පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට


වැවෙන් ජලය කෙතට හලා
ගලෙන් විකුම් පිළිම නෙලා
පොළොන්නරුවෙ හෙළ විරුවන්
රුවන් දෙරණ සසිරි කලා

අසිරිය දැක මගෙ රටේ
පිට රටිනගෙ අවි ගැටේ
එකමුතු වෙමු නිති සුරකිමු
උරුමය අප දිනු රටේ


පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට


ගායනය - හර්ෂන දිසානායක
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - සෝමරත්න දිසානායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments