හිතින් යන අය - වික්ටර් රත්නායක, සංඛ දිනෙත් | Hithin Yana Aya - Victor Rathnayake, Sanka Dineth - sinhala lyrics



වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ..
බිඳී ගිය මතකයේ සැමරුම්..
හිතේ ගැඹුරුම තැන තියාගෙන..
ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

වසන් වන සඳ...

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක, සංඛ දිනෙත්
පද රචනය : දිල්ශාන් පතිරන
සංගීතය : සංඛ දිනෙත්



වීඩියෝව ගත්තෙ මෙතනින් - SANKA DINETH - Official

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...