මහද ප්‍රේමාදරේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Mahada premadare - Prince Udaya Priyantha - sinhala lyrics
මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා //
මහද ප්‍රේමාදරේ
දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා //
සමසේ බෙදා දුක් වේදනා
භවයෙන් භවේ අපි යමු
මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා
මහද ප්‍රේමාදරේ
රුදුරු වෙසෙකින් බැඳි ගැහැට දෙන චේතනා
නිබඳ ගෙන දෙයි විරහ වේදනා //
සැකයෙන් මිදී කුළුණක් ලෙසේ
හිඳිමු අපේ ලෝකයේ
මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා //
මහද ප්‍රේමාදරේ
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය - නිහාල් ගම්හේවා
ගී පද - නිහාල් ගම්හේවා
වීඩියෝව ගත්තෙ මෙතනින් - lal san

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...