ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු - ලක්ෂ්මන් විජේසේකර | Athi de athi satiyen - Lakshman Wijesekara - sinhala lyrics
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..
ගායනය - ලක්ෂ්මන් විජේසේකර
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක
වීඩියෝව ගත්තේ - Sujeewa Fernando

ලක්ෂ්මන් විජේසේකර මහත්තයගෙ ආසම සින්දුවක්. ස්තූතියි සුසිත :D
ReplyDeletehttps://www.youtube.com/watch?v=Nch1ErgZlSo
ReplyDeleteඉඳ හිටි හෝ සපැමිණ
ReplyDelete