සංවේදනා - ෂේන් සිංග් | Sanwedana - Shane Zing Karunaratne


සංවේදනා මහදේ දරා..
මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා..
පෙම් චේතනා ඇවිලී ගියා..
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා..
පවනේ පවා මුසුවී ගියා..
මං ගැයුව දුක් ගායනා..

ආකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා..
ඔබෙ රුවම ඕනා නිසා..

සංසාරේ නිම්නේ පවා..
හමුවන්නෙ ඔබමයි සදා..
මේ මොහොත ලංවෙයි කියා..
මං ඉන්නෙ නොමැරී තමා...

ගංඟා පවා සිදිලා ගියා..
මං හෙළුව සුසුමින්ම වියලී තලා..
සයුරෙන් ගෙනා දියරැල් පවා..
මහ දියඹෙ මං නොදැන ගොළුවී සිනා..
සයනේ වෙලී තනිවී මෙමා..
ඔබ ගැනම සිතුවා එදා...

ආකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා..
ඔබෙ රුවම ඕනා නිසා..

සංසාරේ නිම්නේ පවා..
හමුවන්නෙ ඔබමයි සදා..
මේ මොහොත ලංවෙයි කියා..
මං ඉන්නෙ නොමැරී තමා...

ගායනය : ෂේන් සිංග්
පද රචනය : චන්දන වල්පොල
සංගීතය : අයෝධ්‍ය ප්‍රනාන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - Line One Entertainment

Comments

  1. පද රචනයනම් ලස්සනයි. තනුව සහ සංගීතය තමා අවුල්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...