දින්න දාට කොල්ලෝ - සන්ෆ්ලවර්, නෙල්සන් වාස් | Dinna data kollo - Sunflower, Nelson Vaas


දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කළේ අහනවා //

ලෝකෙ වටේ ගිහින් කොල්ලො
වැඩ පෙන්නනවා
මෙන්න බොලේ වෙනින් එවුන්
ලකුණු ගන්නවා
දිනාල එන දාට ගිහින්
මූණ ඉඹිනවා
පැරදුනාම කොයි ලොක්කත්
අහක බලනවා
දැම්මට බොරු කිණ්ඩි
ඔය වැඩ බැරි නොණ්ඩි
ක්‍රිකට් ලොවේ සූරයන්ව
අපට වටිනවා

දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කළේ අහනවා

ජය පැරදුම දරාගන්න
හිතට ශක්තිය
අපි දන්නව ඔබ හැමටම
තියෙන විත්තිය
තවත් කලක් තියාගන්න
ලබාගත් ජය
ඉස්සරහට තල්ලු කරමු
අපේ කට්ටිය
පුංචි කොල්ලො නියමයි
ලෝකෙ නමක් තැබුවයි
අපේ ගීත උපහාරය
ඒ විරුවන්ටයි

දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කළේ අහනවා //

මොකක්ද මේ කළේ අහනවා /////



- සන්ෆ්ලවර්, නෙල්සන් වාස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Waruna Perera


Comments