කඳුළු පුරෝගෙන - ස්කිට්සෝ | Kandulu purogena - Skitzo


කඳුළු පුරෝගෙන
ඇයි ඔය ඇස්වල
බලන් ඉන්නවද
ඇය ගඟ අද්දර
හීන පුරුද්දන
මතකය වෙන් කල
රාජ පොහොට්ටුව
විතරද ලස්සන

හීන බදාගෙන
ඈත බලාගෙන
මාල කඩාගෙන
සේල ලිහාගෙන
අරුමෝසම් නිල් වැස්සේ
තෙමීගෙන
දිලිසී අහසට
පිය විදාගෙන
ඉගිල්ලෙන්න ඉල්ලනවද අවසර
අසුරු සැණින් දහඩිය පිහදාගෙන
ඉගිල්ලෙන්න ඉල්ලනවද අවසර
අසුරු සැණින් දහඩිය පිහදාගෙන

කඳුළු පුරෝගෙන
ඇයි ඔය ඇස්වල
බලන් ඉන්නවද
ඇය ගඟ අද්දර

හුදකලාව සඳ පායන අහසකි
කව්රුත් එන්නැති කවුරුත් දන්නැති
අළු යටවත් ගිණි පුපුරක් නම් නැති
අළුය අළුය සකි අළුය අළුය සකි
අළුද අලුයමකි

කඳුළු පුරෝගෙන
ඇයි ඔය ඇස්වල
බලන් ඉන්නවද
ඇය ගඟ අද්දර
හීන පුරුද්දන
මතකය වෙන් කල
රාජ පොහොට්ටුව
විතරද ලස්සන //


ගායනය - ස්කිට්සෝ
සංගීතය - තිළිණ බාලසූරිය
ගී පද - සුදන්ත මාධව




වීඩියෝව ගත්තේ - Chathura Wijenayake


Comments