තව එකම එක දවසක් - මිල්ටන් මල්ලවාරච්චි | Thawa ekama eka dawasak - Milton Mallawarachchi


තව එකම එක දවසක්
ඔබ මට හමු වේ නම්
ඒ ඇසළ සඳම පායා
වැව් තෙරේ
නා මල් පොකුරු උඩින්
නා මල් පොකුරු උඩින්

තවම එකම එක දවසක්
ඒ වැස්සම වසීවි නම්
සිරිමල් වත්තේ මිටියාවත් මැද
ඔබ මා හා තනි වී
එක කුඩයක් සෙවණට ළඟ ඇත්නම්

තව එකම එක දවසක්...

තව එකම එක දවසක්
ඒ උදෑසනම ඒ නම්
ඔබ අනිකකු හා සරණ බැඳුණු වග
පෙරදා හොර රහසේ
එක සැරයක් සවනට ඇසේවි නම්

තව එකම එක දවසක්
ඔබ මට හමු වේ නම්
ඒ ඇසළ සඳම පායා
වැව් තෙරේ
නා මල් පොකුරු උඩින්
නා මල් පොකුරු උඩින්

නා මල් පොකුරු උඩින් ////



ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - අර්නස්ට් සොයිසා
ගී පද - හේමසිරි හල්පිට

Comments

  1. පද රචනය - හේමසිරි හල්පිට
    සංගීතය - අර්නස්ට් සොයිසා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...