සැතපෙන කළ විඳ නිදි සුවේ - සුජාතා අත්තනායක | Sathapena kala winda - Sujatha Aththanayaka


සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ //
සියොළඟ යහනතෙ ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //
සැතපෙන කළ විඳ නිදි සුවේ

ඇසිපිය හෙල හෙල අත වනා //
මදහස මතුකොට හිනැහුණා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි

සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ

උකුලත සුව පිට හිත තියා //
නැලවුණි මධු රස ගී කියා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ රන් ගිරවෙකි

සිඹ සිඹ මගෙ වත සැනසුනා
සුර ලොව සුර සුව වැටහුණා
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ පිපි කුසුමෙකි

සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ


ගායනය - සුජාතා අත්තනායක
සංගිතය - එම්.කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර

අල්ලපු ගෙදර චිත්‍රපටියෙන්

Comments

  1. එදා වගේම අදත් ජනප්‍රියයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...