නිසංසලේ මා තනියෙන් - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය | Nisansale mathaniyen - Niranjala Sarojini, Abeywardana Balasuriya


නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන්...

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්

නිසංසලේ මා තනියෙන්...


ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුසුම් පීරිස්

Comments