මේ පාළු මාවතේ
තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී
හමුවේවිදෝ
මේ පාළු මාවතේ
නෙතගින් සිනා සලා
මනසින් බැඳී
නෙතගින් සිනා සලා
මනසින් බැඳී
තෙපලූ කතා සිතේ
නොසැලී ඉඳී
මේ පාළු මාවතේ
වසරක් නොවේ සදා
හිඳිමි බලා
වසරක් නොවේ සදා
හිඳිමි බලා
කවදාක හෝ යළී
දකිනා තුරා
මේ පාළු මාවතේ
තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී
හමුවේවිදෝ
මේ පාළු මාවතේ
ගායනය - ප්‍රියා සූරියසේන
තනුව - ප්‍රියා සූරියසේන
පද - කුලරත්න ආරියවංශ
වීඩියෝව - Kevin Jaldin

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...