වසා යන්නකො හද දොර සෙමින්..
මගෙ හැඟුම් තව නොරිදමින්..
කොහෙ යම්ද මා නුඹගේ පෙමින්..
බැඳී උන් ආලේ නමින්... //
හද සිහිසුන් කල විරාම කොතරම්
ජීවන සංග්‍රාමේ...
මේ පුහුදුන් පෙම එපා වෙලා
සංක්‍රාන්තියකි ප්‍රේමේ..
නුඹ මිහිදන් කල සෙනෙහේ කඳුලැල්
සෝබර ගිම්හානේ..
සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම්
ඊළඟ වස්සානේ...
සිත ඉහිලුම් නෑ අතීත සැමරුම්
පාරයි සන්තානේ...
දුක ඉවසම් තව ඉඳිමි කොතෙක් කල්
මේ දිවි කාන්තාරේ...
සාගරයක් සරි ආලෙට ගැරහුම්
පව් පුරවනවානේ....
මේ අහසත් පොළවත් දෙයි දිවුරුම්
ප්‍රේමය ගැන මාගේ...
වසා යන්නකො....//
ගායනය : තීක්ෂණ අනුරාධ සමඟින් ප්‍රතිභා ප්‍රභා
පද රචනය : යමුනා මාලිනී
සංගීතය : සුරේශ් මාලියද්ද
වසා යන්නකො හද දොර සෙමින්, ලෙස පළමු පදය නිවැරදි විය යුතුයි.
ReplyDeleteවෙනස් කලා...ස්තූතියි..!!
Deleteතව පොඩි පදයක් වෙනස් වෙන්න ඕනෙ යාළුවා...
ReplyDelete“මේ අහසත් පොළවත් දෙයි දිවුරුම්...“
බොහොම ස්තූතියි මේ ලස්සන ගීතය ගී පැදුරට ගෙනාවට. මමත් ගොඩක්ම ආස ගීතයක්
නිවැරදි කලා. ස්තූතියි :-)
Deletemekath balanna. original eka.
ReplyDeletehttp://www.youtube.com/watch?v=8UVNT4wvIGY