ඇස් ආදරෙන් පුරෝනා - කවීශ කවිරාජ් | As Adaren Purona - Kaveesha Kaviraj



ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ....//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ...
අවසර දෙන්නට පමණයි ඕනේ...
ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා...

ඇස් ආදරෙන් පුරෝනා...

රැක ගන්නම් ජීවිතයම වාගේ...
එක සැරයක් හද ගත්තානම් මාගේ...
සැනසෙන්නට හැමදාමත් ආයේ...
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ...
නොසිදෙන මහ සාගරේ - තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා...

ඇස් ආදරෙන් පුරෝනා...

ගායනය : කවීශ කවිරාජ්
සංගීතය : සදීප්ත ගුණවර්ධන
පද රචනය : කුෂාන් මනේන්ද්‍ර


Comments