දුක වැඩි තරමට - නොයෙල් රාජ් | Duka Wadi Tharamata - Noyel Raj


දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා

හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නැ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගෙ සිහිනේ...
තාමත් මල් පිබිදෙන්නේ...
රැවටුනු මේ හිත මාගේ...
තනිවුනු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි - සුවද පවා නැත
දුක විතරක් ඉතිරිවෙලා...

දුක වැඩි තරමට...//

කදුලක් කදුලක් ගානේ...
ඔය රුවමයි සිහිවෙන්නේ...
මට නොලැබුනු ඔබෙ සෙනෙහේ...
වෙනෙකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු - පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා...

දුක වැඩි තරමට...//

ගායනය : නොයෙල් රාජ්
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ



Comments