ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
තනිකමෙන් ගඟ ගලා යනවා
සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංගුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්
ඔයා නිසා මගේ සිනා
ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
සංගීතය - රදීශ් වැන්දබොනා
පද රචනය - ලසිත ජයනෙත්තිආරච්චිගේ
ඔය ඉස්සරහ ඉන්නේ වීඩියෝ එකේ කස්සගේ මැස්ස ලීන කස්සා....
ReplyDeleteඅපිත් හිටියා ලාවට පොඩි කෑල්ලක...