ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා...
සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ///
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
මම මාර කැමති සින්දුවක් හරේ..!!!
ReplyDeleteනැතුව නැතුව... මම කැමතිම ට්‍රම්පට් එක ඇහෙන විධියට... අර දවනු දැනේ සිසි කිරණ පවා කෑල්ල දෙවෙනි පාර කියද්දි ඇහෙන තැනට පට්ට කැමතියි...
Delete