සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
හැඟුම් බර දෑස් නිල් විල
මුසුව ඉන්නට
පෙරුම් පිරූ
කාලයත් ඉක්‌ම ගිය හැටී
ඉතින් නම් තවත් බැහැ මට...
කියන්නට කවුරුවත්
අද මා අසල නැත
සවස් යාමයට පෙරම
ඉරත් අවර ගිර සැඟව ගියේ
ඉතින් නම් තවත් බැහැ මට...
ගායනය - අමල් පෙරේරා
සංගීතය - නදීක ජයවර්ධන
ගී පද - චාමින්ද රත්නසූරිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk
එල නියමයි ...
ReplyDeleteමට අමල් ගැන කණගාටුවක් ඇතිවෙනවා. මට මේ සිංදු දිරවන්නෙ නෑ. මර්වින්ගේ මෙලඩි ටිකක් කිව්වනම් හොද පදමාලා ටිකකට අමල් මර්වින් තරමටම ජනප්‍රිය වෙන්න තිබුණා.
ReplyDeleteමර්වින් කරල තියෙන අපි නොදන්න මෙලඩි තියෙනවනම් ඒවට සින්දු නොකියන එක බරපතල අවුලක් තමයි...
Deleteහැබැයි අමල් මර්වින්ගෙන් ගැලවිලා ඉන්න එක හොඳයි. මොකද එහෙම නැත්තං අමල් වෙනුවට අපට මර්වින්ම මතක තියෙයි.
අමල්ගෙ සින්දු වලට මම කැමති ඒවයෙ තියෙන හැඟීම් වලට. ඔහුගේ හඬ භාවිතාවට. අමල් මර්වින් නොවී අමල් වෙලා ගායනා කරන එකට!