නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
අඳුරින් බර වැහි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා
නෙත් යුග රන් තරු යුවල තමයි...
රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ අත නෑරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි////
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
සංගීතය - වික්ටර් දළුගම
ත්‍රී සිස්ටර්ස් මුල් ගායනය
පද : හේම ශ්‍රී ද අල්විස්
ReplyDeleteසංගීතය : වික්ටර් දළුගම
කළු කෙල්ල මමයි සංගීතය ස්ටැන්ලි පීරිස් නෙමෙයි.
ගොඩක් ස්තූතියි වැරදි නිවැරදි කලාට...!
Delete