ඔය රූ සෝබා හදෙහී මාගේ
ඇඳුණා ළඳුනේ ඇඳුණා
නෙත් යා වීලා නොකියා කී දේ
දැණුනා ළඳුණේ දැණුනා
රෑ තුන් යාමේ මා නිදි නෑ නිදි නෑ
ඒ රුව දෑසේ පාවෙයි නෑ තනි නෑ //
ඇයගේ සෙනෙහේ සුවඳේ රැඳිලා
දිවා රෑ ළතවේ සහනේ පතලා
ඔය රූ සෝබා...
මා සිත වාගේ ඈ සිත මා ගැනදෝ
ජීවිත කාලේ ඈ යළි හමු වෙයිදෝ //
කඳුළේ සුසුමේ උරුමේ ගෙන දී
සැඟවී වෙන්වී යයි දෝ මගදී
ඔය රූ සෝබා...
ගායනය - රාජු බණ්ඩාර
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...