දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි...
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////
රාජ බෝජන නැත මට දෙන්නට..
සීන් සිනිදු සළු නැත මට දෙන්නට..
ගේදොර වතුපිටි නැත ගරු සරුවට..
යාන්තමට ඇත දිවි රැකගන්නට..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////
දැසමන් මලක් වගේ....
පසුකරමින් මහ කදුවැටි ඕවිටි..
පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි..
ගල්මුල් වල පය පැටලී වැටි වැටි..
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////
දැසමන් මලක් වගේ....
ගායනය : රෝහණ බැද්දගේ
පද රචනය : රෝහණ බැද්දගේ
සංගීතය : රෝහණ බැද්දගේ
ලස්සන ආසා හිතෙන ගීතයක්..!
ReplyDeleteමුලින්ම පටිගත කරපු වෙලාවේ "කවුද?" කිව්වේ ටීඑම්.
ReplyDeleteමම හෙන පොඩියි ඒ දවස් වල... ඒ වුණාට තවම ඒ හඬ මතකයි හොඳට! ඔය සින්දුව ගුවන් විදුලියෙ පට්ට ගැහුවනෙ ඒ කාලෙ...
Deleteකවු දදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදද
ReplyDelete