හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
හෙට දවසේ....
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්
ආදරයම මම ඉදිමි බලා
හෙට දවසේ....
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
මේක ලියන්න පාදක වෙච්ච් සිද්දිය මම අහල තියෙන විදියට කියන්නම් .මොකද එහෙම කියන්න හේතුව ප්‍රේම කීර්ති කියන්නේ මොන තරම් අසාහය ගීත රචකයෙකද කියලා මේ සිද්දි හරහා අපට හිතාගන්න පුළුවන්.
ReplyDeleteදවසක් ප්‍රියා ගියාලු ප්‍රේම්ලගේ ගෙදර සින්දුවක් ලියව ගන්න හිතාගෙන...නිකන්ම නෙවේ පොඩි තෑග්ගක් අරගෙන(මධුවිත බෝතලයක්)ඉතින් එහෙම යද්දී ප්‍රේම් අත්‍යවශ්‍ය ගමනක් යන්න ලැස්ති වෙලා ලු.එත් දෙන ගමන යන්නත් ඕනෙලු ප්‍රියාගේ වැඩේ කරන්නත් ඕනෙලු ..ඊටත් වඩා ප්‍රියාගේ තෑග්ග දිහාත් බලද්දී යන්න හිතක් ඇත්තෙම නැහැලු .. :ප් ...ඊට පස්සේ ප්‍රේම් එක පාරම කොළයක් අරගෙන මෙහෙම ලිව්වලු අර මධුවිත බෝතලය දිහා බලලා ..."හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ ..." කියලා ..මුළු ගීතයම ලියලා ..අවසානේ ප්‍රේම්ගේ අර ගමනත් යන්න පිටත් උනාලු ....
{මේක දවසක් වැඩසටහනක කියපු කතාවක් }
පසුවට ලියමි :ඉතින් ඒ වගේ ඉතා ඉහල ඝනයේ ගීත රචනා කලාවක් දැන් අපට කොහින්ද ?සියල්ල දියාරු වී යන සමාජයක් නේද අපට ටික ටික උරුම වෙලා තියෙන්නේ ....
පළවෙනි වර්ස් එකේ දෙවැනි පේළිය..
ReplyDeleteඑය මා හද රැදි ආදරයි
නිවැරදි කලා... බොහොම ස්තූතියී...
Delete