මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//
ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...
මහ වරුසාවට...//
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...
මහ වරුසාවට...//
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ
මොන තරම් සංවර හඬකින් ගැයෙන, මොනතරම් ප්‍රේමනීය ගීතයක්ද. අඹුසැමි නොහොඳ නෝක්කාඩු නැති කරන බෙහෙතක් වගෙයි මේ ගීය. අනේ මෙවැනි ගීත අද අහන්නට නැති අපි කොච්චර අවාසනාවන්තද.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
සුනිල්වන් නුවන් යුග... ගීතය පද රචකයා සහ තනු නිර්මාණය ඇතුලු විස්තර පල කිරීමට හැකිනම් මැනවි...
ReplyDeleteමේක ලියල සංගීතෙ දාල ගායනා කරන්නෙත් සෝමතිලක මහත්තයම තමයි...
Deletehttp://imageshack.us/scaled/landing/69/somarear.jpg
බොහොම ඉස්තුතී...
Delete