ඔබ පිපුණා - කසුන් කල්හාර | Obe pipuna - Kasun Kalhara - sinhala lyrics


ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ
ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ
ඔබ පිපුණා

ආදරේ මං මේ දකින සිහිනෙට
හතරවට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට..

ඔබ පිපුණා

ඇසෙන්නේ ඔබ මුමුණනා වදනුයි
දැණෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔ‍බෙ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදි වේ යැයි බියටයි..


ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ
ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ


ගායනය - කසුන් කල්හාර
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ජයතිලක කම්මැල්ලවීර


Comments

  1. ආදරේ මං මේ දකින සිහිනෙට
    හතරවට මල් පිපෙන මේ සිහිනෙට
    නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
    මටම මා රැවටෙනා සිහිනෙට..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...