මහත්තයෝ - ශෂිකා නිසංසලා | Mahaththayo - Shashika Nisansala - sinhala lyrics


මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත..
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම..

ඈත් වුණාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව
කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත..
පිඩෙන් පිඬ අනා නුඹ මට කැවූ බතේ රස
දැනෙන්නෙ මුළු ජීවිතේම වැරදුනු හින්දද..

මහත්තයෝ මං දන්නවා..

තාත්තෙක් වගේ අර නුඹ අතගෑ ‍මගෙ හිස
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ..
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැද්ද මට..

මහත්තයෝ මං දන්නවා..



ගායනය - ශෂිකා නිසංසලා
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - lankasrimusic


Comments

  1. ගී පද : ආනන්ද හේවා රන්හිඳගේ
    සංගීතය : තිස්සසිරි පෙරේරා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...