ආදරේ කටු සටහන් - නලින්ද රණසිංහ | Adare Katu Satahan - Nalinda Ranasinghe


ආදරේ කටු සටහන් අපේ..
ඉතිරිවී තියෙනවනම් හිතේ..
ආයෙමත් - ආයෙමත් - ආයෙමත්
වෙමු අපි අපේ...

පාළු කෙත්වල පියමන්..
කරමු අපි පිය සටහන්..
මතකෙ ඔබෙ තියනවානම්..
හමුවෙලා වෙන් නොවන ලෙස
ආයෙ කරමුද අපි පෙම්...

හදවතේ තව ඉඩ ඇත්නම්..
වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්..
පෙම් වලට පා විස්කම්..
පෙර වගේ එක්වෙලා..
කරමු අපෙ පෙම් ගෙත්තම්...

ආදරේ කටු සටහන්...

ගායනය : නලින්ද රණසිංහ
පද රචනය : මාධව හේවාවසම්
සංගීතය : මාධව හේවාවසම්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

Comments

  1. අහපු නැති ගීතයක්. ස්තූතියි අහන්න සැලැස්සුවාට. ගීත වලට වගේම ඔබ ගීත විචාර වලටත් කැමතිනම් එන්න ඒ පැත්තටත්.

    ReplyDelete
  2. ලස්සන ගීතයක් ස්තුතියි මේ පද වලට ........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...