ඈත එහා ඔබ සිටිනා - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා | Aetha eha oba sitina - Wijaya Kumarathunga, Chandraleka Perera




ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා


පියඹා එන්නට අවසර දෙනු මැන
ළං වී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන


ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා


ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උණුසුම් සුසුමන් නිවා හරින්නම්


ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා



ගායනය - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා


No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...