කල්ලඩි පාලම පාමුල - ගුණදාස කපුගේ | Kalladi palama pamula - Gunadasa Kapuge


කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ...

අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ


ගායනය, සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ




Comments

  1. Replies
    1. මෘදංග බෙරය ඉන්දියානු සංගීත භාණ්ඩයක්.... ගැට බෙරය උඩරට නර්තන කලාවෙ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය..... උතුරු දකුණු සංගීත භාණ්ඩ 2ක් ඔය කියන්නෙ

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...