පායා නැගී ඒවි රන් තාරකා - කරුණාරත්න දිවුල්ගනේ | Paya nagi ewi - Karunarathna Divulgane

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා..
සේපාලිකා//...

දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා..
සේපාලිකා//...

රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..
සේපාලිකා//...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - උබේනන්ද දිසානායක
සංගීතය - සිරිල් පෙරේරා

2 comments:

  1. ගේය පද උබේනන්ද දිසනායක මහතා.
    සත්සර රටාව සිරිල් පෙරේරා ශූරීන්

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...