ලතා මඩුලු සේ - ප්‍රියනාත් රත්නායක | Latha madulu se - Priyanath Rathnayaka - sinhala lyrics



ලතා මඩුලු සේ බැඳුණු අපේ
ආදර මල් දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා //

ඔබෙ නෙතු බැල්මෙන් මසිත තිබූ
පාළුව සදහට ඉවතට ලූ
මා ඔබ සමගින් දැල්වූ පෙම්
පහන් වැටම අද නිවී ගියා
මා ඔබ සමගින් දැල්වූ පෙම්
පහන් වැටම අද නිවී ගියා

ලතා මඩුලු සේ බැඳුණු අපේ
ආදර මල් දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා

පාළු සුසානේ ඈත කොනේ
නිසලව ඔබ අද නිදනු පෙනේ
නොසිතු විරාමය ලං කර දුන්
ඔබගෙන් කඳුළද උරුම උණේ
නොසිතු විරාමය ලං කර දුන්
ඔබගෙන් කඳුළද උරුම උණේ

ලතා මඩුලු සේ බැඳුණු අපේ
ආදර මල් දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා //


ගායනය - ප්‍රියනාත් රත්නායක
තනුව, සංගීතය - ප්‍රියනාත් රත්නායක
ගී පද - එච්.එම්. රත්නායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Torana Video Movies

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...