ජානකී - හර්ෂ අරවින්ද | Janaki - Harsha Aravinda - sinhala lyrics



ගිනි ගත් වචනයක්
දෑතින් ගුලිකර
වලාකුලකට විසිකලොත් මම
ඒ වචනයේ ගිනි පුපුරු
තරුවක් වෙලා පායයි ද ජානකී //

ශුන්‍යත්වයේ නූපන් පරපුර
නිර්නාමිකව ගැවසෙන ඉසව්වේ //
ප්‍රතිමානවීය ස්නේහයෙන් අපි
ත්‍රස්ථවාදීන්ව ගොඩ නගනවද 
ජානකී ජානකී //

හිරු ගිනියම් වූ
මද්දහනේ හිඳ
ආත්මයේ විනි විදින අඳුරට
නොලද නිදහසේ
ආගාධය වෙත
නපුරු සිහිනයක් වී
එනවාද ජානකී

ශුන්‍යත්වයේ නූපන් පරපුර
නිර්නාමිකව ගැවසෙන ඉසව්වේ //
ප්‍රතිමානවීය ස්නේහයෙන් අපි
ත්‍රස්ථවාදීන්ව ගොඩ නගනවද 
ජානකී ජානකී //

ගිනි ගත් වචනයක්
දෑතින් ගුලිකර
වලාකුලකට විසිකලොත් මම


ගායනය - හර්ෂ අරවින්ද
නිෂ්පාදනය - අස්ලාන් ෂෙර්ෆ්ඩීන්





වීඩියෝව ගත්තෙ මෙතනින් - LOCAL


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...