කවිකාරියේ - භාතිය සහ සංතුෂ් | Kavikariye - Bhathiya and Santhush - sinhala lyrics


උණුහුම විඳ විඳ සියොළඟ දැනුණේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා (මායම් කතා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා (මායම් කතා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් //


ගායනය - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්
තනුව, සංගීතය - කෙන් ලැපන්
ගේය පද - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Bathiya N Santhush

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...