පෙම් සිත ළඟ නතර වෙන්න
ආශා හිතෙන හිත් පොඩියට
තුරුල්වෙලා තරු ගණින්න
පෙම් සිත ළඟ නතර වෙන්න
ආශා හිතෙන හිත් පොඩියට
තුරුල්වෙලා තරු ගණින්න
තව කොච්චර කල් යාවිද
තව කොච්චර කල් යාවිද
කියා දෙන්න ඉඩ දෙනවද සමනලී
රන් සමනලී
අර මෝදු වෙනා සඳ යහනට
ගව් ගණනක් පයින් යන්න
පියාපත් තියා එනවද සමනලී
ඇඟිලි තුඩින් හිස පිරිමැද
ආලවන්ත කම කියන්න
මං කොච්චර ආදරේද සමනලී
කියාදෙන්න ඉඩ දෙනවද සමනලී
රන් සමනලී
ඔය අහංකාර මුණු පොඩියේ
ආඩම්බර තරු ඇස් දෙක
මගේ ළඟින් තියා යන්න සමනලී
මගේ ආදරේ
මගේ ආදරේ කොච්චරක්ද
කඳුලු එක්ක
කියලා දෙන්න ඉඩක් දෙන්න
රන් සමනලී
ගායනය - රාජු බණ්ඩාර
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල
චිත්‍රපටිය - වස්සාන සිහිනය
වීඩියෝව ගත්තෙ මෙතනින් - CJ Kumarage

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...