මුළු රැයක් පුරා - සමිතා එරන්දතී මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක - Mulu reyak pura - Samitha Erandathi, Mariazelle Gunathilake - sinhala lyrics
මුළු රැයක් පුරා ඔබ ඔහු ළඟ
ජිවිතය පුරා ඔහු ඔබ ළඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ
මුළු රැයක් පුරා ඔහු මා ළඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි
ඔබ ළඟයි //
ඔහුගේ උණුසුම් ආදරයේ
වාසනා හිමිකාරී ඔබ
මට හිමි හීතල සෙනෙහස පමණයි
මා සිත පවසන ඊරිසියා හැඟුම් ඉතින් අසන්
මා බිරිඳ වන්න පෙම්වතිය වන්න
ඔබ මා තුරුළට මට දෙන්න දෙන්න ඔහු
ඔහුගේ මංගල මුදු පැලඳූ
පාදපරිචාරිකාවී ඔබ
මා ඔහුගේ ගත සුසුමක් පමණයි
මට නැතිවනුයේ හිමි සඳු සමඟින් දූ දරුවෝ
මුළු ජිවිතයෙම අත්වැල් බැඳ ආ
මා සෙවණට මට දෙන්න දෙන්න ඔහු
ජිවිත පුරා මා ඔහු ළඟ
මා සිත සපුරා ඔහු මා ළඟ
ඔබද මා ද ඒ ප්‍රියම්බිකා ඔහු ගේ
අප කඳුළු සිනා ඔහු වෙනුවෙනී
අපි සිනාසෙමූ
ඔහුගේ නාමයෙන් වැලපෙමූ
අපි සිනාසෙමූ
ඔහුගේ නාමයෙන් වැලපෙමූ
ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල
වීඩියෝව ගත්තෙ මෙතනින් - Saranga Fernando


ela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com
ela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com