පෙර දින මා වෙත පුදකල සෙනෙහස - මර්සලින් පතිරණ ‍| Pera dina ma wetha puda kala senehasa - Marselin Pathirana - sinhala lyrics


පෙර දින මා වෙත පුදකල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ
මගෙ හදවත රිදවා //

සිය වැඩ අතහැර ඔබට පෙම් කලේ
ඔබ ගැන සිහින මවා
අපේ පැතුම් ලොව මල් පූදින්නට
පැතුවෙමි උදේ හවා

පෙර දින මා වෙත පුදකල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ
මගෙ හදවත රිදවා

මම කිසි දවසක වෙන්ව නොයන බව
මතකයි ඔබ කීවා
මට දුන් මේ දුක ඔහුට නොදෙනු මැන
ඔබ ගෙන් සමුගමි මා

පෙර දින මා වෙත පුදකල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ
මගෙ හදවත රිදවා //
මගෙ හදවත රිදවා ///


ගායනය - මර්සලින් පතිරණ




වීඩියෝව ගත්තෙ මෙතනින් -Evoke Music

Comments