මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ
සිනා රොදක් නැතේ කඳුල මා වටා එතේ
වලාපෙලින් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි අතක දුර නැතී
මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ
දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී
පියා සලන්නෙමි දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි
මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - සමන් කුඹුකගේ
ගී පද - ප්‍රියානන්ද විජේසුන්දර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...