කැළණි ගඟට සඳ වැටිලා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Kelani gangata sanda watila - Prince Udaya Priyantha - sinhala lyrics


කැළණි ගඟට සඳ වැටිලා
කැළණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ //
ගඟ පහළට ගලන්නේ //

සැළලිහිණි වැද කැලණී
පාලම් මුර පොළ ළඟිනී //
බිය සිතිලා පැන ගියෙනි
කැළණි සඳ සොවින් සැලූණි

ගඟ උඩිනි ගිය කෙකිනි
කිරි කළ ගඟටම හැලුණි //
පෙර රමණී නැති සොවිනී
කැළණි සඳ ගඟට වැටුණි

කැළණි ගඟට සඳ වැටිලා
කැළණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ //
ගඟ පහළට ගලන්නේ //


ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත




වීඩියෝව ගත්තෙ මෙතනින් - Aparna Gamage

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...