මගේ හිත කරදරයි - රෝහණ වීරසිංහ ‍| Mage hitha kradarai - Rohana Weerasinghe - sinhala lyrics


මගේ හිත කරදරයි
ලිපේ ගිණි අවුළුවා
හැමදාම අළුයමේ
උඹ අතින් දවන්නේ
පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම
ගෙදර බත උයන්නේ

යට ගිලුණු ඇස් දෙකේ
සෙනේහය දොවන්නේ
ලේ නහර නිව නිවා
මගේ ඇඟේ බුරන්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ

නුඹෙ ළයට තුරුළු වී
මගේ පැටව් සුව නින්දේ
මුදියමේ කොහොම මං
නුඹේ නිදි දැහැන බිඳින්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ

මගේ හිත කරදරයි
ලිපේ ගිණි අවුළුවා
හැමදාම අළුයමේ
උඹ අතින් දවන්නේ
පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම
ගෙදර බත උයන්නේ


ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...