කවදා පායත්ද අප දිනිසුරාණෝ - නන්දා මාලිනී | Kawada Payathda - Nanda Malini - sinhala lyrics


කුණ්කුණාවේ හාමුදුරුවන් සිරගතව ඉදිත්දී ලියූ කවියක් ඇසුරිනි..

කවිය -
අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ..
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ..
රජෙක් ලැබුනෝතින්...කැවුම් කිරිබත් කඤ්ඤං..
පෙරහර කරඤ්ඤං... සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං..

ගීතය -
කවදා පායත්ද අප දිනිසුරාණෝ...
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

කවදා පායත්ද අප පුන් සඳාණෝ...
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
මුසා බසින් අප නොපෙළන රජාණෝ...

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
ගිමනට හෙවණ දෙන තුඟුනුග තුරාණෝ...
අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...//

ගායනය : නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක.



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

 

Comments

  1. නියම සින්දුවක්

    ReplyDelete
  2. Gee pedurre godak watinaa geetha thibima gema sathutui
    Suba pethum!!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...