බොරුවක් කළා කියා - ලහිරු චමිත් ජයකොඩි | Boruwak kala kiya - Lahiru Chamith Jayakodi - sinhala lyrics
බොරුවක් කළා කියා අමනාප නෑ සදා
හැරදාල දුර ගියා සිව් වසක පෙම අතැර දා
ඔබ මාව තනි කර දමා
දුරක ඇදිලා ගියා සිත රවටලා
මතක නැතිදෝ ඔයාට මා මැව් සිනා //
පෙරදාක ඔබෙ වෙන්නට පතලා
හැමදාම දුක් ගින්දර වින්දා
මතු දාක ඔබෙ වෙන්නට පතලා...
යනව හැරදා
යනව හැරදා
කඳුළු පිරිලා දෑස තුල සිත ගොළු වෙලා
එදා ඔබ දුන්නු පැතුමන් එයි ලියලලා //
පෙර දිනක සිටියා ඔබ හා මා
අද තනිව ඉන්නේ කෙලෙසින් මා
ගිය තැනක සතුටින් ඉන්න කියා...
යනව හැරදා
යනව හැරදා
බොරුවක් කළා කියා අමනාප නෑ සදා
හැරදාල දුර ගියා සිව් වසක පෙම අතැර දා
ඔබ මාව තනි කර දමා
ගායනය, තනුව, ගී පද - ලහිරු චමිත් ජයකොඩි
සංගීතය - දිලාන් ප්‍රියංකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Lahiru C Jayakodi

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...