පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //
ඔහු පතා සිත සිතා ඔබ
පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා මම
නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා
අද මෙමා ඇය තුරුල්ලේ
සැනසෙමි මෙලෙසේ
පෙර දිනේ මගෙ දුක මතක් වී
සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී සිත හඬයි රහසේ
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //
ගායනය - රොහාන් ද සිල්වා
සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...