පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා...
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..//
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා..//
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..//
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා..
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා..//
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා..
පෙර දිනයක මා...
ගායනය : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
වීඩියෝව ගත්තෙ මෙතනින් - BrisVegaSL
සුපිරි ගීතයක්
ReplyDeleteසුපිරි ගීතයක්
ReplyDelete