පසක් කොට ඇති - ගුණදාස කපුගේ | Pasak Kota Athi - Gunadasa Kapuge - sinhala lyrics



පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිත්
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
එවා ඇත රුදු මාර දෙව් පුතු..

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදුව ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවෙක අවිදු ගණඳුරු...

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..


ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් සරත් පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

  1. එවා ඇත රුදු මාර දෙව්පුතු ලෙස නිවැරැදි වියයුතුය

    ReplyDelete
  2. බවුන් වඩවා බුදු ව ලොව්තුරු ලෙස නිවැරදි විය යුතුය

    ReplyDelete
  3. ස්තූතියි අරුණ!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...