රණඹර ඉඳු දුනු - මිල්ටන් මල්ලවාරච්චි | Ranambara indu dunu - Milton Mallawarachchi - sinhala lyrics


රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා

ඇගෙ ළැම රන් ගිරි බ‌ෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka

Comments

  1. වසන්තේ උදාවුණා
    වසන්තේ උදාවුණා //

    මේ දෙවැනි පදයෙ “වසන්තේ“ ද නැත්නම් “දසන්තේ“ ද?

    ReplyDelete
    Replies
    1. අනුවාද කීපයක්ම ඇහුවා. තැන් දෙකේදිම කියන්නෙ 'වසන්තේ' කියලයි. :-)

      Delete
  2. ඇග ලැම රන් ගිරි බෙයද මිස දෙයද නෙවෙයි.බෙයද කියන්නේ කන්දට

    ReplyDelete
    Replies
    1. හැදුවා! ස්තූති වේවා!

      Delete
  3. මෙම ගීතයෙන් විස්තර කෙරෙන්නේ ප්‍රේමයෙන් මත්වූ තරුණයෙකුට තමා ආදරය කරන තරුණිය තමා වෙත පැමිණෙන විට දැනෙන අසිරිමත් වසන්ත කාලය සහ ඇගේ රූප සෝභාවයි. ඔහු ඇයව දකින්නේ සොබාදහමේ සුන්දරම දසුන් සමඟ සසඳමිනි.1. ස්ථාවරය (රණඹර ඉඳුදුනු සිතුවම් වෙලා...)අර්ථය: රන්වන් පැහැති අහසේ (රණඹර) දේදුන්නක් (ඉඳුදුනු) පායා චිත්‍රයක් මෙන් හැඩවී ඇත. මල් පැණි බොන බඹර රංචු (බිඟු වැල්) මල් කේසර (මල් කෙමි) මත වැතිරී මත්වී ප්‍රීති වෙති. මේ සියල්ලෙන් තරුණයාගේ ජීවිතයට සැබෑ ආදරයේ "වසන්තය" උදා වී ඇති බව පවසයි.2. පළමු අන්තරා කොටස (රන් බඳ රන් කුඹු රන් සළු වෙලා...)අර්ථය: ඇගේ රන්වන් පැහැති සිරුර (රන් බඳ) රන්වන් කලසක් වැනිය. ඇය රන් පැහැති සළු පිළි හැඳ, දෙනෙත්වල හඳුන් (චන්දන) සහ අඳුන් (අංජන) ගල්වා අලංකාර වී ඇත. දෙපයට පැළඳි ගිගිරි වළලු (කිංකිණි නූපුර) හඬවමින් ඇය තමා දෙසට පියනඟන අයුරු පෙම්වතා ඉතා ආශාවෙන් දකී.3. දෙවන අන්තරා කොටස (ඇගෙ ළැම රන්ගිරි බෙයද මැදේ...)අර්ථය: ඇගේ පියයුරු යුගල රන්වන් පැහැති පර්වත (රන්ගිරි) දෙකකට සමාන කරයි. ඒ රන්වන් පර්වත දෙක මැද ඇති නිම්නය හෙවත් බෑවුම (බෙයද) මැද, තමාගේ මුළු ජීවිතයම රජ කරවන "ආදරයේ රජ මැදුර" ගොඩනැඟෙන බව ඔහු පවසයි. ඔහුට අනුව ඇය හුදෙක් කාන්තාවක් නොව, තමාගේ සිහින මාලිගයේ වෙසෙන ආදරණීය දිව්‍ය අප්සරාවකි (මතඟන).කේ.ඩී.කේ. ධර්මවර්ධන මහතා ඉතාමත් ඉහළ ශෘංගාරාත්මක රසයක් මතු වන පරිදි සලකා, සිංහල පද්‍ය සාහිත්‍යයේ එන උපමා (උදාහරණ ලෙස 'සැළලිහිණි සංදේශයේ' එන "ලැමති රන්ගිරි" වැනි යෙදුම්) ඇසුරින් මෙම අගනා ගීතය නිර්මාණය කර ඇත.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...