කන්ද පිරිමැද - සේනානායක වේරලියද්ද | Kanda Pirimeda - Senanayaka Weraliyadda - sinhala lyrics


කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා //

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින් //
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා


ගායනය - සේනානායක වේරලියද්ද
සංගීතය - සුසිල් අමරසිංහ
ගී පද - සියඹලාගමුවේ අමරදාස




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dillina Herath

Comments

  1. මගේ ආදරය හරියට කන්ද පිරිමැද පිරිමැද එන හඳ වගේ .එත් තාමත් අපිට එකතුවෙන්න කල් තියෙනවා.වේලාව එනතුරු දෙමාපියන්ගේ ඇල්ම බැල්ම යටතේ ඉන්න .එවිට අපිදෙන්නට එකට පන්සල් යන්න කාලය එවි .

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...